මෙන්න මෙහෙමයි Magic මෙන්න මෙහෙමයි Bioscope – ආලෝකෝ උදපාදි දෘශ්‍ය නිර්මාණ ශිල්පී කලාත් වර්ණකුලසූරිය

මැලේසියාවේදී නවීන සිනමා තාක්ෂණය උගත් තරුණයන් කිහිප දෙනකු ශ්‍රී ලංකාවට පැමිණි කළ කුලුඳුල් චිත්‍රපටය මේ දිනවල රට පුරා තිරගත කෙරෙමින් පවතී. චත්‍ර වීරමන්ගේ අධ්‍යක්ෂණයක් වන එය ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයයි. ඒ හරහා පරිගණක ආශ්‍රිත විශේෂ දෘශ්‍ය ප්‍රයෝග, ත්‍රිමාන සජීවිකරණය ආදිය පිළිබඳත් අපේ රටේ අලුත් කතාබහක් ඇති වී තිබෙන සෙයකි.

එහෙත් ඒ කතාබහට මුලපිරූ ආලෝකෝ උදපාදි චිත්‍රපටයේදී අපට හමුවන ත්‍රිමාන රූප සජීවිකරණ ශිල්පීන් නම් තවමත් මුනිවත රකී. මේ සුදානම ඔවුන් අතරින් කෙනෙකුගෙන්ම අප පුළුල් තිරයෙන් දකින සද්දන්ත අස්බැන්දුම්වල වගතුග එළි පෙහෙළි කර ගනිමින් තවමත් සිංහල සිනමාවට තරමක් ආගන්තුක බවක් පෙන්වන ඒ කලාවේ ගැඹුර විමසන්නටයි. ඔහු කලාත් වර්ණකුලසූරියයි. Read more

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අනෙකුත් ප්‍රභූවරුන් ජනවාරි 20දා පැවති ආලෝක උදපාදී මංගල දර්ශනය නැරඹීම සදහා කොළඹ චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවට පැමිණීම සහ ඔවුන්ගේ අදහස් දෙරණ නාලිකාවේ සටහන් වූ අයුරු

ශ්‍රී ලාංකීය සිනමා වංශ කථාවේ නැවුම් පෙරලියක ආරම්භය “ආලෝකෝ උදපාදි“

47 වන වතාවටත් පවත්වන ආසියාවේ පැරනිතම හා ලෝකයේ A ශ්‍රේණියේ චිත්‍රපට උළෙලක් වන ඉන්දියාවේ ගෝවා චිත්‍රපට උළෙලේ දී ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ ආලෝකෝ උදපාදි සිනමා නිර්මාණය ප්‍රථම ලෝක මංගල දර්ශනය රතු පලස එලා (Red Carpet – World Premiere) උත්සව ආකාරයෙන් පැවැත්වීමෙන් පසුව ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඉදිරියේ ඇගයීමට ලක්වූ ආකාරය..